හම්බන්තොට වරායට නැව් තටාකාංගණයක්

10:35 AM
හම්බන්තොට වරාය භූමියේ නැව් තටාකාංගණයක් ඉදිකිරිම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය එහි ඉදිකිරිම් සිදු කරන පුද්ගලික සමාගම් දෙකක් සමග එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වරාය හා නාවික අමාත්‍යාංශය පැවසුවේ.

හම්බන්තොට වරාය භූමියේ ඉදිකිරිමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600කි.

නැව් අළුත්වැඩියා කිරිම පමණක් නොව අළුතින් නැව් ඉදිකිරිම ඇතුළු සියළු නැව් සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරිමට නියමිතය.

වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රාදේශිය වශයෙන් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වන බවයි.

වසරක් ඇතුළත මෙම නැව් තටාකාංගණය ඉදිකිරිම සඳහා වන ශක්‍යතා වාර්තාව ලබා ගැනිමෙන් අනතුරුව එහි ඉදිකිරිම් ආරම්භ කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

Share this

Related Posts

Previous
Next Post »