කොළඹ පෞද්ගලික රෝහලක මෘත ශරීරාගාරයේ දින 7 ක් තබාගෙන සිටි මළ සිරුරක් අදාළ
ඥාතිීන් වෙත භාරදෙන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද (17)
නියෝග කළා. ඒ එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතයි.
රුපියල් ලක්ෂ 19 ක
බිල්පතක් නොගෙවීම හේතුවෙන් අදාළ මළ සිරුර ඥාතීන් වෙත ලබානොදීමටයි එම රෝහලේ
බලධාරින් මීට පෙර පියවර ගෙන තිබුණේ. ඒ සම්බන්ධයෙන් පොලිසියට කෙරුණු
පැමිණිල්ලට අනුව අද දිනයේ අදාළ නඩුව විභාගයට ගැණුනා. එහිදී කොටුව අතිරේක
මහේස්ත්‍රාත්වරයා රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත නියෝග කර සිටියේ මළ සිරුරක්
රඳවා තබා ගැනීමට රෝහල් බලධාරින්ට නීතිමය බලයක් නොමැති බවයි. ඒ අනුව අදාළ මළ
සිරුර ඥාතීන් වෙත භාර දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර
සිටියා.
හෘද රෝගයක් හේතුවෙන් පසුගිය බදාදා රෝහල් ගත කිරීමෙන් අනතුරුව
ජීවිතක්ෂයට පත් රෝගියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
EmoticonEmoticon