පාසල් ඇරී නිවසට පැමිණෙමින් සිටි සිසුවෙකු නිවස ඉදිරිපිට පිහිටා තිබූ ගල්
බැම්මකට යටවී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය - බහුවාගම - ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පාසල් සිසුවෙක්. එම සිසුවා නාවලපිටිය කදිරේෂන් දමිල මහා විද්‍යාලයේ
ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබුවා.
නිවසට පිවිසෙන පියගැට පෙළත් සමඟ මෙම ගල් බැම්ම පිහිටා ඇති අතර ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ බැම්ම
පිහිටා තිබූ පස් තට්ටුව බුරුල් වී පහළට ඇද වැටී ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය
සඳහා නාවලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
EmoticonEmoticon