අන්තර්ජාතික
අපරාධ අධිකරණයේ ශාඛාවක් මිශ‍්‍ර අධිකරණයක් නමින් රට තුළ පිහිටුවා රට
බේරාගත්, රටට සාමය හා නිදහස දිනා දුන් රණවිරුවන් දංගෙඩියට දැක්කීමට ඉඩදී
නිහඬව සිටිය හැකිදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී
විමල් වීරවංශ මහතා විමසනවා.අද (17) ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ විමසා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා,
"2002-2011 කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාව තුළ සිදු වූවා යැයි කියන යුද අපරාධ පිළිබඳව තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ මෙම වාර්තාවෙන් විශේෂ අවධානය යොමුකර තිබෙන්නේ. පිටු 261කින් සමන්විත මෙම වාර්තාවේ ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට තමයි බරපතළම චෝදනා ඉදිරිපත්කර ඇත්තේ.
කොටි සංවිධානයට පමණක් අදාළ වන සේ එල්ල කොට ඇති එකම චෝදනාව වන්නේ, 'දරුවන් යුද්ධයට සම්බන්ධකර ගැනීමේ චෝදනාව'පමණයි. එම චෝදනාව පවා එල්ලකොට ඇත්තේ නැගෙනහිර පළාතේ හිටපු කොටි නායක, කරුණා අම්මාන්ගේ නම පවා සඳහන් කරමින්. කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ඇවිල්ලා ශ‍්‍රී ලංකා හමුදාවන්හි මෙහෙයුම්වලට උදව් කළ වාඩුව ගැනීමට ඒ චෝදනාව එල්ලකොට ඇති බවයි පෙනෙන්නේ. එහෙම නැතිව දෙපාර්ශ්වය කියන වචනය මෙම වාර්තාවෙහි ඇතැම් තැන්වල සඳහන් වුණාට ඇත්තෙන්ම මෙහි දෙපාර්ශ්වයක් නැහැ.
දැනට ඉතිරි වෙලා ඉන්නේ එක පාර්ශ්වයයි. වේළුපිල්ලේ පිරබාහරන් ඇතුළු කොටි සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයන් කිසිවකුත් අද ජීවතුන් අතර නැහැ. මෙම වාර්තාව මගින් සැබෑ ලෙසම ඉලක්ක වී ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් පමණයි.
මෙම වාර්තාව මගින් අපේ ආරක්‍ෂක හමුදාවන්ට බරපතළ චෝදනාවන් ගණනාවක් එල්ල වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට එරෙහිව ලිංගික ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීම, බලහත්කාරී අතුරුදහන්වීම් සිදු කිරීම, වධහිංසා ඇතුළු කුරිරු අමානුෂික, අවමන් සහගත සැලකිලි දැක්වීම්, සාමාන්‍ය ජනතාවට බර අවි ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කොට තිබීම, ගැටුමට ලක්ව සිටි ප‍්‍රදේශවල ජනතාවට මානුෂීය ආධාර ලබාදීම අවහිර කිරීම ආදිය ඒ අතර වෙනවා.
මෙවැනි චෝදනා ගණනාවක් ඉදිරිපත් කරලා මහ කොමසාරිස්වරයා නිර්දේශ කරන්නේ කුමක්ද? මිශ‍්‍ර අධිකරණයක්. මිශ‍්‍ර අධිකරණයක් කීවාට එය එසේ වන්නේ නැහැ. සුදුජාතික විනිසුරුවන්, තාක්‍ෂණ කටයුතුවලට අදාළ නිලධාරීන්, නීතිඥයන් ඇතුළු කණ්ඩායම් මීට ඇතුළත් වෙනවා. ඒ නිසා ‘රම්පෙ කරපිංචාවලට’ ශ‍්‍රී ලාංකික විනිසුරුවරුන් ඇතුළත් වුණාට මෙම අධිකරණය මෙහෙයවන්නේ සම්පූර්ණයෙන්ම ඔවුන්ට උවමනා ආකාරයට.
මෙම අධිකරණය සඳහා මුදල් යොදවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් බව මීට ඉහතදී ප‍්‍රකාශය වුණා. මේක පැහැදිලිවම අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අනු ශාඛාවක් බවට පත් වෙනවා. මෙම අධිකරණය ශ‍්‍රී ලංකා භූමිය තුළ ගොඩනැඟිල්ලක ස්ථාපිත වුණාට මේක සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඕන ආකාරයටයි.
දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයලා මහ උජාරුවෙන් කියනවා, "අපි රට ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් බේරා ගත්තා" කියලා. ඒ අය ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් රට බේරා ගෙන නැහැ. ඔවුන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් රට තුළට රැගෙන ඇවිත් තියෙනවා. මේක මේ රට යටත්විජිත තත්ත්වයට ඇද දැමීමක්. සුදුජාතිකයන් නඩු ඇසුවේ යටත්විජිත යුගයේදීයි. මීට කලින් මෙහෙම ව්‍යුහයක් ඇති කරලා තියෙනවා කාම්බෝජයේ. එහෙම කළේ කාම්බෝජ රජයේ හමුදාවන් ගැන හොයන්න නොවෙයි. පොල්පොට්ගේ හමුදාවන් විසින් සිදු කළ අපරාධ ගැන සොයන්නයි.
රටක් ත‍්‍රස්තවාදයෙන් බේරාගත්තු, සාමය සහ නිදහස රැගෙන ආපු කීර්තිමත් හමුදාවක් වැරදිකරුවෝ හැටියට අර්ථකථනය කරලා විදේශිකයන්ට නඩු විභාගයක් පැවැත්වීමට දැන් ඉඩකඩ සලසා දීලා තිබෙනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය සංශෝධනය කිරීමට වත්මන් ආණ්ඩුව එක`ගවෙලා තියෙනවා. දණ්ඩනීති සංග‍්‍රහය සහ සාක්‍ෂි ආඥා පනත සංශෝධනය කරලා විදේශ විනිසුරුවන්ට නඩු අහන්න පුළුවන් විදිහට අපේ අධිකරණ පද්ධතිය සංශෝධනය කරන්නයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. එවැනි නීති පද්ධතියේ වෙනසකට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍යයි. ඒකට ඇමතිකම් "හෝල් සේල්" දෙන්න ඕනෙ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලහත්කාරයෙන් හෝ ගැට ගහලා තියා ගන්න ඕනෙ. මේක තමයි අද සිදු වෙමින් තිබෙන්නේ.
මෙවැනි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අනු ශාඛාවක් ඉදිරියේදී සාක්‍ෂි දෙන පිරිස් පිළිබඳව වසර 20ක කාලසීමාවක් යනතුරු දැන ගැනීමට විදිහක් නැහැ. කොටි සංවිධානය විසින් සිදු කළ
අපරාධ පිළිබඳ කිසිඳු වගවිභාගයක් මෙමගින් සිදු වන්නේ නැහැ. අනෙක දෙමළ ජනතාව සාක්‍ෂි දේවිද, කොටි සංවිධානයට එරෙහිව? ඒ නිසා ඉතාම පැහැදිලියි මේ ක‍්‍රියාත්මක කිරීමට යන්නේ ආරක්‍ෂක හමුදා දඩුකඳේ ගැසීමේ මෙහෙයුමක්. ඒ නිසා මේකට එකගවීමට හෝ ඉඩ දීමට බැහැ."
මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා මෙම මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීමේ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී සිදු කළ තම කතාවේදී එකඟතාව පළකොට තිබෙනවා.
(ada dearana)
EmoticonEmoticon