මහනුවරට හෙට ජල කැපේ

8:57 PM
මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට(18) දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ  මහනුවර ජල පවිත්‍රාගාර සම්ප්‍රේෂණ නලයක ඇති වූ හදීසි ජල කාන්දුවක් හේතුවෙන් එය පිළිසකර කිරීමට හෙට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි .

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවලට අයත් කහල්ල, කහවත්ත, අකුරණ, කුරුගොඩ, තෙළඹු ගහවත්ත, හාරිස්පත්තුව, ගොහාගොඩ, නුගවෙල, බරිගම, රජපිහිල්ල, හෑදෙණිය, මැදවල යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම පූජාපිටිය සහ මහනුවර මහනගරසභා බල ප්‍රදේශයේ අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදාහරින ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

Share this

Related Posts

Previous
Next Post »