නුවරඑළියේ කැරට් ගෝනිය රුපියල් 12,360 යි

9:32 AM
නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැහි ඇති වූ නිසා  නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අතර ලීක්ස් රු. 95.00 සිට රු. 100. දක්වාද බීට් රු. 170.00ක්ද ගෝවා රු. 135.00සිට 140.00 දක්වාද සලාද රු. 110.00ක් දක්වාද ඉහළ ගිය බව වාර්තා වේ. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයෙන් පරිබාහිරව කැරට් මිල රු. 320.00ට පවා මිලදී ගන්නා අයුරු දැක ගත හැකි විය. මෙය නුවරඑළියේදී මේ දක්වා වාර්ථා වූ කැරට්වල ඉහළම මිල බව සඳහන් වේ.

පහත ඡායාරූපයේ ඇති කැරට් ගෝනියේ වටිනාකම රුපියල් 12,360 කි.

Share this

Related Posts

Previous
Next Post »