තරුණයින්-පොලීසිය මහනුවරදී ගැටෙයි

12:45 PM
තරුණයින් පිරිසක් සිදුකරන ලද පහරදීමකින් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ(21) රාත්‍රී මහනුවර නගර මධ්‍යයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස පහරකෑමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් නතර කර පරීක්ෂා කිරීමට අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා උත්සාහ දරා ඇති අතර එම යතුරුපැදියේ සිටි තරුණයින් දෙදෙනෙකු ඊට විරෝධය පළ කර ඇති බව සඳහන්ය.

බීමතින් සිටි ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ තවත් තරුණයින් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවාගෙන තිබේ.

එහිදී ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ නිල ඇඳුම් ඉරා දමා ඇති අතර පොලිස් යතුරුපැදියට ද පහර දී අලාභහානී සිදුකර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිද්ධියට අදාළ තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් කිහිපදෙනෙකු පළාගොස් ඇති අතර මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(adaderana)

Share this

Related Posts

Previous
Next Post »