කළු, නිල්වලා, සහ ගිං ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින බව
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැවති අධික වැසි සහිත
කාලගුණ තත්ත්වයත් සමඟ ඊයේ (19) මෙම ගංඟාවල ජල මට්ටම ඉහළ යාමේ අවදානමක්
පැවති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ, වැසි සහිත කාලගුණය
අඛන්ඩව පැවතීම හේතුවෙන්.
කෙසේ වෙතත් මේ වනවිට ගංගා ජල මට්ටම ඉහළ යාමේ අවදානම පහව යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
මේ අතර දිවයින පුරා පැවති වැසි සහිත කාලගුණය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ලැබෙනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය සඳහන් කළේ.

EmoticonEmoticon