රුසියාව විසින් පසුගිය කාලයේදී ඈදා ගනු ලැබූ යුක්රේන - ක්‍රයිමියා අර්ධද්වීපයේ වයින් නිෂ්පාදනාගාරයක පැවති වසර 240ක් පැරණි වයින් බෝතලයක් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මෙම ඉපැරණි වයින් බෝතලය විවෘත කර ඇත්තේ පසුගිය සතියේ එහි සංචාරයක යෙදුණු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලස්කෝනි වෙනුවෙන්. කෙසේ නමුත්, ක්‍රයිමියාව තවදුරටත් තම රටේ කොටසක් ලෙස සලකන යුක්රේනය එය රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කිරීමක් ලෙස හදුන්වා තිබෙනවා. මෙම ඉපැරණි වයින් බෝතලය ඇමරිකානු ඩොලර් 90,000ක් පමණ වටිනා බව සදහන්.


EmoticonEmoticon