රට වටේම පාන් බනිස් ගණන් උස්සයි

10:20 AM
තිරිඟු පිිටි කිලෝ 01 ක මිල රුපියල් දෙකකින් ඉහළ යාමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ දමා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඇතැම් ප‍්‍රදේශවල මිල ගණන් ඉහළ දමා ඇත්තේ විවිධ මිල පරාසයන් යටතේ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සංගමයක් ලෙස මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

එහෙත් පිටිමිල ඉහළ යාම හේතුවෙන් බේකරි හිමියන් විසින් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා ඇති බවට තමන්ටද දැන ගන්නට ඇතැයි ඔහු කියා සිටියා.

ඇතැම් දේශීය තිරිඟු පිටි සමාගම් පවසන්නේ ජනවාරි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි තිරිඟු පිිටි කිලෝ 01 ක මිල ඉහල දමා ඇති බවයි. ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉහළ නැංවීම ඊට හේතුව බවටයි පැවසෙන්නේ.

ඔවුන් මෙලෙස මිල වැඩිකර ඇත්තේ පාන් පිටි කිලෝ ග‍්‍රෑම් 01ක් සඳහා රුපියල් 87ක පාලන මිලක්ද පනවා තිබියදීයි. එහෙත් මේවන විට බොහෝ ප‍්‍රදේශවල තිරිඟු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 89 කට බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ හේතුවෙන් බේකරි හිමියන් දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

Share this

Related Posts

  • කළු, නිල්වලා, ගිං - අවදානම පහවෙයි කළු, නිල්වලා, සහ ගිං ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැවත
  • හිටපු අමාත්‍ය අබ්දුල් කාදර් සමුගනී හිටපු ඇමති අබ්දුල් කාදර් මහතා අභාවප්‍රාප්ත වී ඇත. 79 වන වියෙහි පසු වූ ඒ මහතා මහනුවර පුද්ගලික රෝහලක දී ජීවිතක්ෂයට පත්ව
  • දුම්වැටි සහ මත්පැන් මිල ඉහළට ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 30 ක්ව පැ
  • සරණගේ නඩුව විභාගයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මණ්ඩලයට අවශ්‍ය වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම සඳහා කාන්තාවක
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng