උතුරු කොරියාවේ භූ කම්පනයක්(video)

10:07 AM
උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් ආසන්නයේ අද (06) භූ කම්පනයක් ඇති වුණා.අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ එහි ප‍්‍රබලත්ව රික්ටර් මාපකයේ එ්කක 5 යි දශම එකක් ලෙස සටහන් වූ බවයි.

භූකම්පනය සිදුව ඇත්තේ 2013 වසරේදී න්‍යෂ්ටික අත්හදා බැලීමක් භූගතව සිදු කෙරුණු ප‍්‍රදේශයක බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් තහවුරු වී නැහැ.

මේ සම්බන්ධයෙන් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය භූකම්පනයක්ද නැතහොත් කිසියම් භූගත පිපිරීමක්දැයි සැක මතුව ඇති බවයි. චීනය සහ දකුණු කොරියාව එ් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »