ඇමරිකාවටත් යුද අපරාධ චෝදනා

12:33 PM
ඇෆ්ගනිස්ථානයේ කුන්ඩූස් නුවර රෝහලකට එල්ලවූ ඇමරිකානු සන්ධානයේ ගුවන් ප්‍රහාරය -  යුද අපරාධයක්ද යන්න පිළිබඳ සොයාබලන බව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළා. සමාව දිය නොහැකි මෙම ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ සහ විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානය මගින් පවත්වාගෙන ගිය මෙම රෝහලට එල්ලවූ ගුවන් ප්‍රහාරයෙන් සහන සේවකයන් 12 දෙනෙකු සහ රෝගීන් හත්දෙනකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් 37 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර ඒ අතුරෙන් 19 දෙනෙකු දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානයේ කාර්ය මණ්ඩලයට අයත් අයයි.

ප්‍රහාරය ඇමරිකානු සන්ධානයේ ගුවන් යානයකින් එල්ලවූ බවට සියලූ සාක්ෂි පවතින බවයි දේශසීමා නොමැති වෛද්‍යවරයෝ සංවිධානය ප්‍රකාශ කලේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng