සෞදි අරාබියේ මැකා නුවර මහ පල්ලිය මතට දැවැන්ත දොඹකරයක් කඩා වැටීමෙන්
පුද්ගලයන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 230 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය වන මැකා නුවර මහපල්ලිය මතට
දැවැන්ත දොඹකරය කඩා වැටී ඇත්තේ ඊයේ(11) සිකුරාදා දහවල් යාඥා මෙහෙය අතුරතුරයි.
ඊට සුළු මොහොතකට පෙර ප්‍රදේශයේ අසාමාන්‍ය ඉහළ වර්ෂාපතනයක් සහ පැයට
කිලෝමීටර් 83ක පමණ සුළං ප්‍රවාහයක් පැවති බවයි සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය
ප්‍රකාශ කළේ.
සෑම මුස්ලිම් බැතිමතෙකුම සිය ජීවිත කාලය තුළදී එක් වරක් හෝ වන්දනාමාන කළ යුතු යැයි ශුද්ධ වූ කුරානයේ සඳහන් මැකා නුවර මහ පල්ලියේ හජ්ජි වන්දනා සමය ආරම්භවීමට ඇත්තේ තව දින 10ක් පමණයි. මැකා දේවස්ථානය වරෙකට බැතිමතුන් විසි දෙලක්ෂයකට ඉඩ සලසන පරිදි එහි පුළුල් කිරීමේ කටයුතු සෞදි බලධාරීන් පසුගිය වසරේදී ආරම්භ කළා. ඒ අතරතුරයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

EmoticonEmoticon