මිනුවන්ගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවු රිය අනතුරට අදාළ පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරූ ජීප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් ඊයේ සිදු වූ අනතුරින් ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලැබූවා.
සිද්ධිය සම්බන්ධයෙන් අද දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම ඔවුන් දෙදෙනාගේ රියදුරු බලපත්‍ර අත්හිටුවිමට ද අධිකරණය නියෝග කර ඇත.
සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන දින යළි කැඳවීමට නියමිතය.
(ada derana)
EmoticonEmoticon