පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළඳුන්ට බලපෑම් කිරිමෙන් වළකින ලෙස කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණය ස්වයැං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති
මහින්ද කහඳගම මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට අවවාද කර තිබේ.
පිටකොටුව ප්‍රදේශයේ පදික වෙළඳුන්ගෙන් කප්පම් ලබාගත් බවට චෝදනා කරමින් මහින්ද කහඳගම මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් සැකකරුවන්ට එලෙස අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන්ගේ ගෝල බාලයින් විසින් පදික වෙළඳුන්ට පහරදී තර්ජනය කර ඇති බවට පැමිණිලිකාර පර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේය.
එය පරික්ෂණ කටයුතු සඳහා බාධාවක් විය හැකි බැවින් ඒ පිළිබඳ සැකකරුවන්ට අවවාද කරන මෙන් ද පැමිණිකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එවැනි ක්‍රියාවල යෙදිමෙන් වලකින ලෙස ඔවුන්ට අවවාද කර තිබේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පදික වෙළඳුන් 150 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකය එහිදී අධීකරණයට දැනුම්දී ඇත.
සිද්ධියට අදාළ නඩුව යළි දෙසැම්බර් 07 වනදා කල්දැමූ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද කොළඹ වාංචා විමර්ශන ඒකකයට නියම කර තිබේ.

(Ada Derana)

EmoticonEmoticon