මලාලා සායි බි‍්‍රතාන්‍යයේ විභාගයකින් ඉහළින්ම සමත් වෙයි

8:11 PM
බි‍්‍රතාන්‍යයේ පැවති ප‍්‍රධාන පෙලේ විභාගයකින් ඉහළ සාමාර්ථ අත්කර ගැනීමට නොබෙල් සාම ත්‍යාගලාභිනි මලාලා යුසුෆ් සායි සමත්වී තිබෙනවා.

ඇයගේ පියා සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ඇය විශිෂ්ඨ සාමාර්ථ 10ක් ලබා ගෙන ඇති බවයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව ඇය පෙනී සිටි විෂයන් කිහිපයක්.

මීට අමතරව ඉතිහාසය, භූගෝලය, ඉංග‍්‍රීසි භාෂාව සහ ඉංග‍්‍රීසි සාහිත්‍ය යන විෂයන්ගෙන් ද ඇය ඉහළ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. සෙසු විශිෂ්ඨ සාමාර්ථ හිමිවී ඇත්තේ ආගමට අදාළ විෂයන් සඳහායි.

තලෙයිබාන් සංවිධානයට එරෙහිව කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිම නිසා මලාලා යුසුෆ් සායි ලොවපුරා කථාබහට ලක්වුණා.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng