ඌවේ අනාගත මහ ඇමති කවුද ?

4:49 PM

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉදිරියේ දී පත්වන්නේ කවුද යන්න සම්බන්ධයෙන් මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා ඉදිරියේ දී නව ප්‍රධාන අමාත්‍යවරයකු පත් කිරීමට නියමිතයි.

ජයන්ත කන්නන්ගර සහ උපාලි සමරවීර යන මහත්වරු ප්‍රධාන අමාත්‍ය තරගයේ ඉදිරියෙන් සිටින අතර පළාත් සභාවේ බලය ලබා දීමට සහයවූ පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා ද ප්‍රධාන අමාත්‍ය තරගයට පිවිස තිබෙනවා.

ජයන්ත කන්නන්ගර මහතා හා උපාලි සමරවීර යන මහත්වරු පසුගිය මහමැතිවරණයට ද තරග කර පරාජයට පත්වූ අතර උපාලි සමරවීර මහතා මනාප 39342ක් ද ජයන්ත කන්නන්ගර මහතා මනාප 28238 ක් ද එහිදී ලබා ගත්තා.

Share this

Related Posts

Previous
Next Post »