සපුගස්කන්ද ඕඅයිසී පගාකරු අල්ලා දෙයි
වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගර සභාපති බේරෙන ආකාරයට ක්‍රියා කිරීම සඳහා ඔහුගේ මස්සිනා කෙනකු හා තවත් අයකු සපුගස්කන්ද පොලිසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාට මහර බන්ධනාගාර රථ ගාලේදී රුපියල් ලක්ෂ 15ක අල්ලසක් දෙද්දී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය වත්තල හිටපු උප නගර සභාපතිගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා උසාවි නියෝගයක්ද ගෙන ඇතැයිද ඒ අනුව බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමා නඩුවෙන් බේරා දුනහොත් රුපියල් ලක්ෂ 25ක් දෙන බව කියා ඇතැයිද සංජීව මහතා කළ පැමිණිල්ලේ සඳහන්ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පරික්ෂණ පවත්වයි.
Share this
EmoticonEmoticon