
පාර්ලිමේන්තුව ලබන සැප්තැම්බර් 01දා රැස්වීමට නියමිතය. ඒ රැස්වන පාර්ලිමේන්තුව හේතු කිහිපයක් නිසාම සුවිශේෂී වන්නේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ සිව්වරක් අගමැති ධූරය දැරූ දෙවන තැනැත්තා බවට පත්ව ඇත. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම පිරිසකගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයාද ඔහුය.
හිටපු විධායක ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු අවස්ථාව වීමද මෙවර පාර්ලිමේන්තුවේ සුවිශේෂී කරුණකි.
ඒ සියල්ල මෙවර පාර්ලිමේන්තුවේ අලුත්ම වාර්තා වන අතර වසර 30ට පසු අඹු සැමි යුවලක්ද මෙවර පාර්ලිමේන්තුවට පිවිසෙමින් තවත් වාර්තාවක් සම කරයි. ඒ දයා ගමගේ මහතාට සහ අනෝමා ගමගේ මහත්මියට එකම පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලැබීමය.
අවසන් වතාවට එකම පාර්ලිමේන්තුව අඹු සැමි යුවලක් නියෝජනය කර ඇත්තේ 1984දීය. ඒ කුණ්ඩසාලය අසුන නියෝජනය කළ ආර්.පී විජේසිරි මහතා සහ හාරිස්පත්තුව නියෝජනය කළ එල්.එම් විජේසිරි මහත්මියයි.
1977දී නව සමසමාජ පක්ෂයෙන් හාරිස්පත්තුව දෙවන මන්ත්‍රීවරයා වූ විජේසිරි මහතා ඉන් ඉල්ලා අස්ව 1984 දී කුණ්ඩසාලය ආසනයේ පැවති අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැද ජයගෙන තිබෙනවා. එම අවස්ථාවේ විජේසිරි මහත්මිය හාරිස්පත්තුව දෙවන මන්ත්‍රීවරිය ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ බව ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා දි අයිලන්ඩ් පුවත්පතට සකසන ලද ලිපියක සඳහන්වනවා.
1960 ජුලි මැතිවරණයෙන් පසු පැවති පාර්ලිමේන්තුවේ අඹුසැමි යුවළ යුගලයක්ම සිටිබව ප්‍රවීන මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පවසනවා. ඒ වැලිමඩ අසුන නියෝජනය කළ කේ.එම්.පී රාජරත්න, ඌව පරණගම නියෝජනය කළ කුසුමා රාජරත්න යුවළ සහ පානදුර නියෝජනය කළ ලෙස්ලි ගුණවර්ධනත් බොරැල්ල නියෝජනය කළ කුසුමා ගුණවර්ධනත් යන යුවළ යුග්මයයි.
1956 දී ලෙස්ලි ගුණවර්ධන විවියන් ගුණවර්ධන යුවළ සහ පිලිප් ගුණවර්ධන සහ කුසුමා ගුණවර්ධන යුවළද පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා.
EmoticonEmoticon