
පානදුර කේතුමතී කාන්තා රෝහලේදී උපන් දෑත් අහිමි ගැහැණු දරුවකු දෙමාපියන් ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තා වනවා. තම දෑත් අහිමි දරුවා ප්‍රතික්ෂේප කළ එම යුවළ පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ඊයේ (19) රුපියල් ලක්ෂය බැගින්වූ ඇප මත නිදහස් කර ඇත.
දරුවා දකින වාරයක් පාසා මව සිහිසුන් වනබව මෙහිදී ප්‍රකාශවී තිබෙනවා.
දෑත් අහිමි දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළ එම දෙමාපියන්ට විරුද්ධව රෝහල් පොලිසියට කරුණු දැක්වීමෙන් පසු යුවළ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දරුවා පරිවාස භාරයට පත් කළ අධිකරණය දරුවාගේ වෛද්‍ය වාර්තාවක් මෙන්ම මවගේ මානසික තත්ත්වය පරීක්ෂාකර වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
EmoticonEmoticon