ගම්මන්පිලට ඡන්දෙට මිලියන් 11 ක් ගිහින්

1:29 PM

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කය සඳහා තරඟ වැදුණු නීතිඥ උදය ගම්මන්පිල මහතා මනාප ඡන්ද 1,98,818 ක් ලබා ගන්මින් එම ලැයිස්තුවේ දෙවැන්නා වෙමින් මෙවර පාර්ලිමේන්තුවට එන්නේ නවක මන්ත්‍රීවරයෙකු ලෙසයි.

මෙම මැතිවරණය සඳහා උදය ගම්මන්පිල මහතාට රුපියල් මිලියන 11 ක පමණ මුදලක් වැය වී තිබුණා. වරක් පක්ෂය මාරු කළ උදය ගම්මන්පිල මහතා මෙවර පිල මාරු කරන්නට සිතා සිටිනවාද?.

මේ ප්‍රශ්නවලට උදය ගම්මන්පිල මහතා පිළිතුරු දෙමින් පැවසුවේ මෙවැන්නක්.

“ සතයක්වත් මම මැතිවරණයට මගේ සල්ලි වැය කළේ නැහැ. සියලු මුදල් මට ලැබුණෙ පරිත්‍යාගයක් ලෙසයි. ඒ වගේම මම හැමදාම ජනතාව ලබාදුන් ජනවරමට ගරු කළා. මගේ පක්ෂය මාරු කරපු අවස්ථාවක් තියෙනවා. කිසි දිනෙක පිල මාරු කර නැහැ.  දැන් මම බොහොම හොඳට අලුත් පක්ෂයක් බිහි කරලා කටයුතු කරගෙන යනවා.”

නවක මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට එන තමන්ගේ බලාපොරොත්තුව ගැන උදය ගම්මන්පිල මහතා කිව්වේ මෙහෙම කතාවක්.

“ මේ රටේ මිලියන බිලියන ගනන් සල්ලි විසි කරන මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කළ යතුයි. මට ජනවරම ලැබුණෙ වර්තමාන ආණ්ඩුවට එරෙහිව හඩ නගන්නයි.ඒ ජනතාවගේ හඩ මම පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා.”

Share this

Related Posts

  • සංගා බලන්න මැකෝ යයි ඉකුත් කාලසීමාවේදී මහ මැතිවරණය හේතුවෙන් මුළු රටේම අවධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා වෙත යොමු වී තිබුණා. ඔ
  • සමිතාගේ දූගේ පෙම්වතා මෙන්න (photo)පසුගිය කාලයේ අන්තර්ජාලයේ වැඩිපුර කතාබට ලක්වුණු චරිතයක් වූ අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධි
  • මහින්ද විපක්ෂ නායක වෙන්නේ නැතිලු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ වි
  • කාන්තාවන්ටත් දැන් ලිංගික උත්තේජන ඖෂධ කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අ

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng