
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ වාර්තා පොත අලුත් පිටු කිහිපයක්ම එකතු කරන්නට මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල සමත් වුණා. මැතිවරණයකදී වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාව බිඳින්නට දශක දෙකකට පසු මෙවර මැතිවරණයේදී හැකිව තිබෙනවා.
1994 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන්, පොදුජන එක්සත් පෙරමුණින් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය 18දා තෙක් එම වාර්තාවට හිමිකම් පෑවා. එදා මනාප 464588 ලබමින් ඇය තබාතිබූ වාර්තාව බිඳ දමන්නේ මෙවර නොමැති වුවද වැඩි කලක් කුමාරතුංග මහත්මියගේ දේශපාලන ප්‍රතිවාදියකු වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 500556ක් ලබා ගත්තේය.
මෙතෙක් ඉතිහාසයේ ලක්ෂ 4 ඉක්මවූ මනාප ලභීන් සිටින්නෙ සිව් දෙනෙක් පමණි.
රනිල් වික්‍රමසිංහ (500,556 - කොළඹ - 2015)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (464,588 - ගම්පහ - 1994 )
බැසිල් රාජපක්ෂ (425,861 - ගම්පහ - 2010)
මහින්ද රාජපක්ෂ (423,529 - කුරුණෑගල - 2015)
EmoticonEmoticon