රෝසිට බි‍්‍රතාන්‍යයේ මහකොමසාරිස් වෙන්න යෝජනාවක්

5:05 PM
එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කර පරාජය වු හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරිමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කෙසේවෙතත් එම යෝජනාව ඇය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.

මේ අතර ඇය ඊයේ (21) පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවී තිබෙනවා.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු කියා සිිටියේ මනාප ඡන්ද නැවත ගණන් කිරිම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග මොනවාදැයි එහිදී ඇය උපදෙස් විමසා සිටි බවයි.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමිවු මන්ත‍්‍රී ධූර ගණන 11ක්. රෝසි සේනානායක මහත්මිය මනාප ලැයිස්තුවේ 12 වැන්නා වුණා.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng