Skype මගින් වැඩිහිටියන්ට පමණයි පාඨමාලාවක්

12:59 PM

ඉංග්‍රීසි භාෂාව ‍කියන්නේ ලොවම පිළිගත් භාෂාවක් කියන එක අලුතෙන්ම කියන්න ඕන නෑ නේ. ඉතින් මේ භාෂාව ඉගෙන ගන්න ලොවපුරා රටවල වෙසෙන ජනතාව දක්වන්නේ දැඩි උනන්දුවක්. මේ අතර භාෂා කිහිපයක් කතා කරන ශ්‍රී ලංකාවෙත් මේ උනන්දුව ඕනෑ තරම්. මේ නිසාම ඉංග්‍රීසි භාෂාව උගැන්වීමට බො‍හෝමයක් උගතුන් විවිධාකාර ක්‍රම සහ විධි උපයෝගි කරගන්නවා. ජනප්‍රියම ක්‍රමය තමයි පංති පැවැත්වීම. අන්තර්ජාලය අනිත් ක්‍රමවේදය.

ඉංග්‍රීසි භාෂාව නූතන අවධියේ අන්තර්ජාලයෙන් ඉගැන්වීම ජනප්‍රිය වෙමින් තිබියදී අන්තර්ජාලයේ ඉතාම ජනප්‍රියම සන්නිවේදන මෙවලමක් වන ස්කයිප් තාක්ෂණයද දැන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට භාවිතා කරන ජනප්‍රිය ක්‍රමයක් කරගැනීමට යන පුවතක් තමයි මේ කියන්න යන්නේ. මෙහි විශේෂත්වය වන්නේ පාසල් ළමුන්ට හැර වැඩිහිටියන්ට පමණක් මෙම පාඨමාලාව ස්කයිප් තාක්ෂණයෙන් ඉගැන්වීමට අදාළ ගුරුභවතා කැමති බව දන්වා තිබීමයි.

මේ ඒ සම්බන්ධයෙන් නිර්මාණය කළ ‍දැන්වීමයි.


Share this

Related Posts

Previous
Next Post »