ඒ අනුව අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් අද (03) සවස නිල වශයෙන් ලබාදෙනු ඇති බවත්, හෙට දිනයේ හෙතෙම වැඩබාරගනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන රවී ජයවර්ධන මහතා කලක් හොරණ එජාප සංවිධායකවරයා වශයෙන් ක්‍රියා කළ අතර එජාප නායකත්වය සමග ගැටුම් ඇතිකරගැනීමත් සමග ඔහුට සංවිධායක ධූරය අහිමිවිය.
මීට පෙරාතුව බන්ධනාගාර කොමසාරිස් ධූරයද හෙබවූ ඔහු නව රජය බලය ලබාගැනීමෙන් පසු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස පත්වීම් ලබා සේවයට එක්විය.
ඒ අනුව මේවන විටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා කාලීන වැඩසටහන් ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස හෙට දිනයේ සිට කටයුතු කරනු ඇති බව සඳහන්ය.
EmoticonEmoticon