ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරග දෙකේදීද මෙම අකටයුතුකම් සිදුවි ඇති බවයි වැඩිදුර සොයාබැලීම්වලදි පෙනී ගියේ.
තරග සදහා අදාළ ප‍්‍රවේශ පත‍්‍ර අළෙවිකර අවසන් බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිවේදනය කර තිබියදීත් පිටස්තර පුද්ගලයන් විසින් වැඩි මිලට ප‍්‍රවේශපත‍්‍ර අළෙවි කරන ආකාරය මෙම වීඩියෝ දර්ශනවල ඇතුළත්. එහි ඇතුළත් පුද්ගලයින් ලබාදෙන තොරතුරු මත මෙම සමාජ විරෝධි ක්‍රියාවන් සිදුවෙන ආකාරයද පැහැදිළි වෙනවා.
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර අදාළ පන්දුවාර විස්සයි විස්ස තරග දෙක පැවැත්වුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. මෙම කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්‍ෂක ධාරිතාව හතලිස් දහසක්. එහෙත් ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රවේශපත‍්‍ර මුද්‍රණය කර ඇතැයිද අප කළ සොයා බැලීම්වලදී අනාවරණ වුණා. ඒ අනුව කොන්ක්‍රීට් යොදා ඉදිකළ මෙම ප්‍රේක්ෂකාගාර තුළ ඇතැම් ස්ථානවල අධික පිරිසක් රුදී සිටීම තුළ ඊට ඔරොත්තු නොදීමේ අවධානමක්ද පැණ නැගෙනවා.
(වීඩියොව පහතින් නරඹන්න..)
EmoticonEmoticon