
මෙම දුම්රිය දෙක හර්දා නගරය ආසන්නයේ වූ ගඟකට ඉහළින් ඇති පාලමක් මතින් දෙපසට
ධාවනය වෙමින් තිබිය දී පිලී පැන ඇත්තේ.
දුම්රිය පීලි පනින අවස්ථාවේ අධික වර්ෂාව හේතුවෙන් ගඟේ ජල මට්ටම ඉහළ ගොස්
පාලම මත සුළු වශයෙන් ජලය තිබී ඇත. දුම්රිය පීලි පැනීමට හේතුව පාලම මත වූ
ජලය බව ද බලධාරීන් පවසයි.
වාරණාසිවල සිට මුම්බායි දක්වා ගිය දුම්රිය ප්‍රථමයෙන් පීලි පැන්න බවත්
මුම්බායි සිට වාරණාසිවලට යමින් තිබූ දුම්රිය ඉන් මිනිත්තු දෙකකට පමණ පසු
පීලි පැන්න බවත් දුම්රිය බලධාරීන් පවසනවා. දුම්රිය මැදිරි
කිහිපයක් ද ගඟට වැටී ඇත. ඇතැම් පෙට්ටිවලට ජය පිරීමට පටන්ගත් බවත් ගඟට
වැටුණු මැදිරිවල සිටි 300ක් පමණ පිරිසක් කඩිනමින් බේරාගත් බවත් මාධ්‍ය
වාර්තා කරයි.
EmoticonEmoticon