ව්‍යාජ ඡන්ද පත්‍රිකා 14,986ක් මතුවෙයි

4:33 PM
නීති විරෝධී ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයෙකු කන්තලේ ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබේ.කන්තලේ ඔරලෝසු කණුව හංදියේ පිහිටි කඩ කාමරයක් තුළ තිබියදී මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම ස්ථානයේ තිබී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇති ඡන්ද පත්‍රිකාවට සමානව සකස්කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා 14,986ක් සොයාගෙන තිබේ.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් අපේක්ෂකයෙකු විසින් කුලී පදනම මත අදාළ කඩ කාමරය ලබාගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

අත්අඩංගුව ගත් සැකකරු සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


(www.adaderana.lk)


Share this

Related Posts

Previous
Next Post »