මෛත්‍රී සභාපතිකමෙන් අස් කරන්න බෑ

4:16 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිවරයා ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවට හැකියාවක් නොමැති බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති එස්.බී. දිසානායක මහතා පවසනවා. 

මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපතීත්වයෙන් ඉල්ලා ‍අස්නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නේ යැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවා. 

පක්ෂයේ බලය අල්ලන කතා, පක්ෂ සභාපතිවරයා එලවන කතා ආදිය කවුරුන් හෝ පවසන්නේ නම් එය පක්ෂයට කරන ද්‍රෝහිකමක් බවද කී අමාත්‍යවරයා සියලු දෙනාගේ අරමුණ විය යුත්තේ පක්ෂ සමගිය රැකගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම බවද පැවසීයි. 


Share this

Related Posts

Previous
Next Post »