"ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඉන්නවා. මම හිතන්නේ එය ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර අපට තිබෙන්නේ තරග දහයක් පමණයි. අපි දැනගෙන ඉන්න ඕන එළියෙ ඉන්න නවකයන්ගේ දක්‍ෂතා, ඔවුන් ජාත්‍යන්තර තරගවල කොහොම ක්‍රීඩා කරයිද කියලා. එමනිසා මේ තමයි අත්හදාබැලීම්වලට තිබෙන හොඳම තරගාවලිය"
විස්සයි20 සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මාලිංගගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ,
"කණ්ඩායම් නායකයා නිසා මට තේරීම්වලට සහභාගිවෙන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පසු ගත් තීරණ ගැන ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් නායයෙකු විදියට මටත් තේරීම් කමිටුවටත් අරමුණක් තිබෙනවා අපි කොතැනටද යා යුත්තේ කියලා. ලෝක කුසලාන තරගාවලියට තියෙන්නේ මාස 06ක පමණ කාලයක්. එමනිසා හිටපු ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අලුතින් බලන්න හේතුවක් නැහැ. නමුත් නවක ක්‍රීඩකයන්ව බලාගත යුතුයි"
EmoticonEmoticon