ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ‍්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.
ජයග‍්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට දෙවන ඉනිමේදී ලැබුණු ඉලක්කය ලකුණු 176ක්. කෙසේ වෙතත් සියලූ දෙනා දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණයි. සුපිරි පන්දු යැවීමක යෙදුණු රංගන හේරත් ලකුණු 48කට කඩුලූ 7ක් දවාගත්තා.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත්තේ ලකුණු 183ක් පමණයි. දෙවන ඉනිමේදී ඔවුන් ලකුණු 367ක් රැස්කරගත්තා. ඉන්දීය පළමු ඉනිම ලකුණු 375යි.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩිම දායකත්වය දුන් පිතිකරුවා වූයේ දිනේෂ් චන්දිමාල්. දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 162ක් ලබාගැනීමට ඔහු සමත් වුණා.

EmoticonEmoticon