ලකුණු දහසක් රැස්කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්දියාවෙන් බිහිවෙයි

9:05 AM
මුම්බායි ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කර තිබූ අන්තර් පාසල් HT කුසලාන තරගයේ දී අදහාගත නොහැකි සිදුවීමක් වුණා.කේ.සී ගාන්ධි පාසල සහ ආර්ය ගුරුකුල් පාසල් දෙක අතර දින දෙකක් පුරා පැවති තරගයේ දී තමයි මෙම සිදුවීම වුණේ.

මේ ක්‍රිකට් තරගයේදී කේ.සී ගාන්ධි පාසල ලකුණු 1465 ක් ලකුණු ලබාගෙන ජයගත්තා.හැබැයි මේ තරගයේ සිදු වූ අදහාගත නොහැකි සිදුවීම තමයි එක් තරගකරුවෙකු පමණක් ලකුණු 1009 රැස්කර තිබීම.

වයස අවුරුදු 15 ක (pranav dhanawade) ප්‍රනාව් දනවඩේ නමැති ඒ ක්‍රීඩකයාට මේ ලකුණු රැස්කර ගැනීමට බෝල 324 ක් සහ විනාඩි 395 ක කාලයක් ගතවෙලා තිබුණා.
ඒ වගේම මේ ක්‍රීඩකයා 1009 ක ලකුණු සංඛ්‍යාව රැස් කරන්න 6 පහර 59 ක් සහ 4 පහර 129 ක් වාර්තා කළා.

ප්‍රනාව් දනවඩේ පළමු දිනයේම ලකුණු 652 ක් රැස්කළා. ඒ වන විටත් ඔහු එතෙක් මෙතෙක් පැවති සියලු වාර්තා බිඳ දමලයි තිබුණේ.

1899 වර්ෂයේ එංගලන්තයේ පැවති කණිෂ්ඨ තරගාවලියක දී 628 ක ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ ආතර් කොලින්ට් නමැති ක්‍රීඩකයා විසින්.

Share this

Related Posts

  • පාකිස්ථානයට 173ක ඉලක්කයක් පාකිස්ථානය සහ ශ්‍රී  ලංකාව අතර දෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංග
  • කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ? ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන
  • කොදෙව් පිලට නව නායකයෙක් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකට මුහුණදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර
  • රොෂාන් මහානාම ඉවත් වෙයි වසර 12ක්  ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු වූ රොෂාන් මහානාම මේ වසර අවසානයේදී එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙ
Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng