රොෂාන් මහානාම ඉවත් වෙයි

5:27 PM
වසර 12ක්  ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු වූ රොෂාන් මහානාම මේ වසර අවසානයේදී එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

2004 වර්ෂයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙකු ලෙස ධූරයේ වැඩ ආරම්භ කළ මහානාම ටෙස්ට් තරග 58ක්, එක්දින තරග 222  සහ විස්සයි විස්ස තරග 35ක් වෙනුවෙන් මේ දක්වා සිය සේවය ලබාදෙනු ලැබුවා. එමෙන්ම ලෝක කුසලාන තරගාවලි තුනක් සහ 2009 වසරේ අයි.සී.සී. චැම්පියන්ස් තරගාවලියේද තරග තීරකවරයෙකු ලෙස රොෂාන් මහානාම කටයුතු කරනු ලැබුවා.

මේ වසර අවසානයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහානාම සිය පවුල සමග වැඩි කාලයක් ගත කිරීමට සහ ඔහුගේ ව්‍යාපාරයන් දියුණු කිරීමටයි ඔහුගේ අදහස වී ඇත්තේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng