අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර
නවදිල්ලියේ අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට ද
අත්සන් තැබුණා. අදාළ ගිවිසුම් අත්සන් තැබීම සඳහා විදේශ කටයුත අමාත්‍ය මංගල
සමරවීර සහ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය
මහකොමසාරිස් වයි.කේ. සිංහා ද එක්වී තිබෙනවා.
දෙරට අතර අත්සන් තැබුණු පළමු
ගිවිසුම වන්නේ සාක් කලාපීය චන්ද්‍රිකා සන්නිවේදන හුවමාරු සහයෝගීතාවයි.
ඉන්දියානු අනුග්‍රහයෙන් මෙරට කුඩා කර්මාන්ත සංවර්ධන වැඩසටහන යළි පණ
ගැන්වීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඇදන් 200කින් සමන්විත වව්නියාව
දිසා රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා මෙන්ම මෙරට හදිසි ගිලන් රථ සේවාවක්
ඇති කිරීම සඳහා ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද ගිවිසුම්වලට අත්සන් කළා.
(hiru news)


EmoticonEmoticon