සී.බී.ගේ වාහනයයි පුතයි පොලිසියේ

12:19 PM

නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක හා අපේක්‍ෂක සී.බී.රත්නායක මහතාගේ ජීප් රථය හැටන් මල්ලිඅප්පුව පොලිස් මාර්ග බාධකයේදී හැටන් පොලීසිය භාරයට ගෙන තිඛෙනවා. 

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී ජීප් රථයේ සී.බී.රත්නායක මහතාගේ පුත් අභීත රත්නායක මහතා හා ඔහුගේ රියදුරා ජීප් රථය තුළ ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.

අපේක්‍ෂකයා නොමැතිව මනාප අංකය සඳහන් කරමින් ජීප් රථය ධාවනය කිරීමේ චෝදනාව යටතේ ජීප් රථය පොලිස් භාරයට ගත් බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

නුවරඑළිය සිට කොළඹ දක්වා මෙම ජීප් රථය ධාවනය කරවමින් තිබූ අතර එම රථයේ අලුත්වැඩියා කටයුත්ක් සඳහා කොළඹ රැගෙන යමින් තිබූ බවයි අභීත රත්නායක මහතා පොලීසියට පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුනු ජීප් රථයේ අලවා තිබූ මනාප අංක සහ අපේක්‍ෂකයාගේ ඡායාරූපය නොපෙනෙනසේ ඊට උඩින් කළු පැහැති ස්ටිකරයක් අලවා පොලිසිය විසින් ජීප් රථය මුදාහැර තිඛෙනවා.

Share this

Related Posts

Previous
Next Post »