ලෙනින් යළි එළියට

12:29 PM
මීට වසර 24 කට පෙර ජර්මනියේ වනාන්තරයක වල දමා තිබූ ලෙනින් ගේ දැවැන්ත පිළිරුවක හිසක් යළි ගොඩ ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගලින් නෙළා ඇති මෙම හිස ගොඩ ගත්තේ ඓතිහාසික සිහිවටන යළි ස්ථාපිත කළ යුතු බවට ඉතිහාසඥයන් කළ ඉල්ලීමක් අනුව බව සදහන්ය.

මීටර 19 ක් උසැති මෙම පිළිරුව බිම හෙලන ලද්දේ 1991 දී බර්ලින් තාප්පය බිඳ දැමීමෙන් අනතුරුවයි.

2003 දී තිරගත වූ ‘ගුඩ් බායි ලෙනින්’ චිත්‍රපටයට මෙම පිළිරුව යොදා ගැනීම නිසා මහත් ප්‍රසිද්ධියක් ලැබුණු අතර පසුව මෙහි කැබලි හුදෙකලා වනාන්තරයක වල දැමුණි.
ටොන් තුනහමාරක් බරැති යළි ගොඩ ගත් මෙම ලෙනින් හිස බටහිර බර්ලිනයේ කෞතුකාගාරයක් වෙත ප්‍රවාහනය කිරීමට නියමිතයි.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng