බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවාවට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක්
හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස ගිනි ගැනීමට ලක්ව
ඇත්තේ අමෙරිකාවේ ලාස් වේගාස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර
තිබූ ගුවන්යානයක්.ගින්න හට ගන්නා අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 13 දෙනෙකු සහ මගීන් 159ක් සිට ඇති අතර ඔවුන්ට වහාම යානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ගින්න හේතුවෙන් පුද්ගලයින් 14දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඔවුන්ට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
ලාස් වේගාස් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපළ දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අවස්ථාවක එකවර මෙම ගින්න හටගැනීමට හේතුව යානයේ එන්ජිමේ සිදු වූ දෝෂයක් බවටයි මේ වන විට බලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ.


EmoticonEmoticon