ඊජිප්තු අධිකරණයක් අල් ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් තුන් දෙනකුට වසර තුන බැගින් සිර දඬුවම්

11:33 AM
ඊජිප්තු අධිකරණයක් අල් ජසීරා මාධ්‍ය ජාලයේ රූපවාහිනී මාධ්‍යවේදීන් තුන් දෙනකුට වසර තුන බැගින් සිර දඬුවම් නියම කොට තිබෙනවා.නීතියෙන් තහනම් කරනු ලැබ ඇති මුස්ලිම් සහෝදරත්වය සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණේ.

ඊජිප්තුවට හානිකර තොරතුරු සහ එසේම සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වූ බවට මොහමඩ් ෆෙහෙමි, පීටර් ග්‍රෙස්ට් සහ බහීර් මොහමඩ් නම් මාධ්‍යවේදීන් තිදෙනා චෝදනා ලැබ සිටි අතර ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණ නැවත විභාගයක දී ඔවුන් තිදෙනා එම චෝදනා වලට වරදකරුවන් කෙරුණ බවයි ඊජිප්තු වාර්තා මගින් පැවසෙන්නේ.

(29) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ අවස්ථාවේ මොහමඩ් ෆෙහෙමි සහ බහීර් මොහමඩ් උසාවියට පැමිණ සිටියා.පීටර් ග්‍රෙස්ට් ඔහුගේ ජන්ම භූමිය වන ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරනු ලැබ ඇති අතර ඔහු නොමැතිවයි නඩුව විභාගයට ගනු ලැබුණා.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng