මේ සාකච්ඡාවේ දී ඇය විශේෂයෙන් පවසනවා තමන්ට ඉල්ලුම තිබෙන්නේ ආදරය නිසා බව.ප්‍රේක්ෂක ආදරය ඒතරම්ම බලවත් කියන දෙය මහේෂි මධුශංකා පෙන්වලා දෙනවා.
මහේෂිට මෙච්චර ඉල්ලුමක් ඇති වෙන්න මොකද්ද රහස?
පළමු දේ ප්‍රේක්ෂක ආදරය. මං හිතෙන්නෙත් නැති තරමටම ඔවුන් මට ආදරෙයි.
රංගනය නිසා ඔබට ලැබුණු හොඳම වරප්‍රසාදය?
ඒකටත් මං කලින් ප්‍රශ්නෙට දීපූ පිළිතුරම තමයි දෙන්න තියෙන්නේ.
මහේෂිට මේ ක්ෂේත්‍රයේ වැඩිපුරම ඉන්නේ තරඟකාරයෝද? නැති නම් තරහකාරයෝද?
ඒ දෙකම නැහැ. අපි කට්ටියව තරඟයකට දා ගත්තොත් තමයි එහෙම වෙන්නේ. මම නම් දැන් හිතන්නේ තමන්ගේ පාඩුවේ ඉන්න එක වඩාත් හොඳයි කියලයි.
එකපාරටම එහෙම හිතුණේ ඇයි?
සාමාන්‍යයෙන් දෙයක් තේරෙන්නේ යම් අත්දැකිමක් ලැබුවට පස්සේ නේ. මමත් ඒ වගෙයි. මම මේ සමාජයට හුරු වුණේ කලාවත් එක්ක ඊට කලින් සමාජය ගැන මට අත්දැකිම් තිබුණේ නැහැ. ඉතින් මේ සමාජයට ඇවිත් ටික කාලයක් මෙහෙම ගෙවෙන කොට තමයි මිනිස්සු ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.
ඔබ හරිම කුකුල් කේන්ති කාරියක් කියන්නේ හැබෑද?
මෙහෙමයි. අහක යන දේවල් මට එනකොට නම් ටිකක් තරහ යනවා. ඒ වගේම මං අසාධාරණයට පොඩ්ඩක්වත් කැමැති නැති කෙනෙක්. ඉතින් මට හරි වෙනත් කෙනෙකුට හරි යම් අසාධාරණයක් වෙනවා දැක්කොත් නම් මට තරහ යනවා.ඒ වෙලාවට මගේ ප්‍රශ්නයක් නොවුණත් අනිත් එකා වෙනුවෙන් හරි මම කතා කරනවා. එනිසා වෙන්න ඇති මෙතෙක් කල් මේ ක්ෂේත්‍රයේ මගේ නමට කැළැලක් ඇති නොකරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.
අහක යන දේවල් එන්න හේතුව මහේෂි ගේ විවේචනය නිසා නෙමේද?
මං එහෙම අනවශ්‍ය විදිහට කිසිම දෙයක් විවේචනය කරලා නම් නැහැ. ඒත් විවේචනය කළ යුතු දේවල් නම් ඒවා විවේචනය විය යුතුයි නේද?
ඒ වුණත් කලින් කලට මොනව හරි පටලැවිල්ලකට ඔබේ නමත් පටලැවෙනවා නේ?
මේ ක්ෂේත්‍රයේ මේ තාක් කල් මට ඇති වුණේ එකම එක ප්‍රශ්නයයි. නමුත් ඇයත් දැන් කතා කරනවා. ඒ හැරුණු විට මං කිසිම දේකට පටලැවිලා නැහැ. මං මගෙ පාඩුවේ ඉන්න කෙනෙක්.
තිරයේ අහිංසකකම සැබෑ ජීවිතයේ අඩුයි වගේ?
මං මුලින් කිව්වා වගේ කලාව ඇවිත් නැත්තට නැති වුණ කෙනෙක් ගානට වැටෙන්න මං කොහෙත්ම කැමැති නැහැ. ඒ නිසා සැබෑ ජිවිතයේ එහෙම අහිංසක වෙන්න ගියොත් ප්‍රශ්න වැඩියි. මොකද මට අවශ්‍ය හොඳ දෙයක් කරලා මගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නයි. හැමදේටම ස්වාධිනව ඉන්න එක වඩාත් හොඳයි.
පෙම්වතා ගැන කියන්න තවමත් කල් වැඩිද?
අපි ආදරය කියන මාතෘකාවට දැනට තිතක් තියමුද? ඉදිරියේදි මගේ ආදරය, පෙම්වතා එය හැමදේම ගැන කතා කරමු.

EmoticonEmoticon