
ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම් දිනාදීමට යමානි දුලාංජලී (කාන්තා මී. 400 කඩුලු පැනීම), ශ්‍රීමාලි සමරකෝන් (කාන්තා බර ඉසිලීම /කි.ග්‍රෑ. 48), රොෂාන් ධම්මික රණතුංග (පිරිමි උස පැනීම) හා බෙව්ෂාන් විජේවික්‍රම (කි.ග්‍රෑ. 85 බර පන්තිය/ ත්‍රිත්ව විදුහල, මහනුවර) යන අය සමත්වූ අතර, දිනාගත් ලෝකඩ පදක්කම් දෙක ඉසුරු සේනාධීර (කි.ග්‍රෑ. 94 බර පත්තිය/ රාජකීය ම.ම.වි., පොළොන්නරුව) හා මිහිලියා මෙත්සරණි (ස්කොෂ් / සිරිමාවෝ බා.වි., කොළඹ) සමත්වූහ.
රන් පදක්කම් 62 ක් (රන් - 24, රිදී - 19, ලෝකඩ - 19) දිනාගත් ඔස්ට්‍රේලියාවට මෙවර තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ හිමිවූ අතර, දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවිය. ඔවුන් සමස්ථ පදක්කම් 35 ක් (රන් - 13, රිදී - 07, ලෝකඩ - 15) දිනාගත්හ. ඊට අමතරව පදක්කම් 44 ක් (රන් - 12, රිදී - 16, ලෝකඩ - 16) දිනාගත් එංගලන්ත කණ්ඩායමට පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය හිමිවිය.
(ada)
EmoticonEmoticon