අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය අද ආරම්භ වේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වන අතර අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පළමුව ඉන්දියාවේ සංචාරය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන පිළිවෙතක් බව ද සඳහන්ය.
සිය සංචාරය තුළ දී රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් කලාපීය සාමය සහ සංහිදියාව තහවුරු කිරීම පිළිබඳව මෙම සංචාරයේ දී දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදිනක් ඉන්දියාවේ රැඳී සිටිමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන් මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නිදහස් කර ඇති බව ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය පෙන්වාදෙයි.

(Ada derana)

EmoticonEmoticon