ක්‍රිකට් නිලවරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු සමයේ රැස්වෙයි

9:59 AM
ලබන ජනවාරි 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිලධාරින් පස් දෙනකුට ඒ සඳහා තරඟ කිරීමට අවසරදෙමින් පෙර ලබා දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (31) තහවුරු කළේය.

දෙසැම්බර් 18 වැනිදා එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නමුත් එදින විනිසුරු මඩුල්ලෙහි සභාපතිනිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර විනිසුරුවරිය එම නියෝගයට අත්සන් නොතබා විදේශගත වීම හේතුවෙන් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ කේ.ටී.චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් (31) යළිත් වරක් මේ තීන්දුව පැහැදිලි කර දීමට පියවර ගැනිණි.

ලබන ජනවාරි 10වැනිදා තෙක් උපරිමාධිකරණ නිවාඩු සමය වන අතර මෑත කාලයේදී එවැනි නිවාඩු සමයකදී ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙම නියෝගයත් සමඟ උපසභාපති ධූරයට කේ.මතිවානන් සහ අසංග සෙනෙවිරත්න ,භාණ්ඩාගාරික ධූරයට තරඟ කිරීමට ඊස්ට්මන් නාරංගොඩටද, උප භාණ්ඩාගාරික ධූරයට සුජීව ලොකුහේවා සහ නිහාල් ලෙව්කේ යන මහත්වරුන්ට එළැඹෙන ක්‍රිකට් නිලවරණයට තරඟ කිරීමට අවස්ථාව හිමිවේ.

Share this

Related Posts

Previous
Next Post »