මෙම ගින්න අඩි 300ක් උසට පැතිර ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
ගින්න ක්ෂණිකව මැඩ පැවැත්වීමට බලධාරීන් කටයුතු කර ඇති වුවද, සිද්ධියෙන් 16 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇති බව බී.බී.සී පුවත් සේවය උපුටා දක්වයි.
ඩුබායි රජය නිල වශයෙන් සඳහන් කර ඇත්තේ 14 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව හා එක් අයෙකුට හදිසි තත්ත්වය හේතුවෙන් හෘදයාබාදයක් හටගෙන ඇති බවයි.
පැරණි වසරක නිමාව හා නව වසරක උදාව සැමරීම සඳහා දහස් ගණනින් මෙම හෝටලය වෙන්කරගෙන සිටි බව හා පොප් ගායිකා අනිතා විලියම්ස් ගින්න ආරම්භ වන අවස්ථාවේ එහි ගීත ගායනා කරමින් සිටි බවද වාර්තාවෙයි.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.
EmoticonEmoticon