
ජාඇල නගරයේ පිහිටි ස්වර්ණාභරරණ ආයතනයකට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවය කළ කාන්තාවන් දෙදෙනාට පිහියක් පෙන්වා බිය ගන්වා ඔවුන්ගේ දෑත් බැද දමා එම අවස්ථාවේ ආයතනයේ තිබූ මුදල් රුපියල් ලක්‍ෂ 06 ක් හා රුපියල් පන්කෝටි තිස්හත් ලක්‍ෂ හැටදාහක් (5,37,60,000) වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබෙනවා.
මෙම කොල්ලය සිදු වන අවස්ථාවේ එම උකස් ආයතනය අසල වෙළදසැලක සවිකර තිබූ සීසීටීවී කැමරාවක කොල්ලය සදහා පැමිණි පුද්ගලයකු විමසිලිමත්ව සිටින ආකාරය හා මුදල් දමා තිබූ බෑගය රැගෙන දිව යන අයුරු පටිගත වී තිබෙනවා. දර්ශන වල සිටින පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් දන්නේ නම් පහත සදහන් දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට එම ආයතනයේ හිමිකරු විසින් රුපියල් ලක්‍ෂ 05 ක මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කැළණිය :- 071-8591589
සහකාර පොලිස් අධිකාරී කැළණිය II :- 071-8591594
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය :- 011-2327227
ජාඇල පොලිස් ස්ථානය :- 011-2236222 / 011-2236131
ස්ථානාධිපති ජාඇල :- 071-8591603
ස්ථානාධිපති අපරාධ :- 078-5308291
EmoticonEmoticon