බිඳ වැටුණු ප්‍රේමය ගැන පූජා කතා කරයි..

9:45 AM
මේ වෙනකොට ගොඩ දෙනෙකුගේ හදවත්වල ආදරය දිනාගත්ත ජනප්‍රිය නිලියක් තමයි පූජා උමාශංකර් කියන්නේ. ඇය ඉන්දීය සම්බවයක් තියෙන කෙනෙක් කියලා අපි හැමෝම දන්නවනේ.

චිත්‍රපට රැසකින්ම ඇයගේ දක්ෂතාවයන් අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම පහුගිය කාලේ පූජා විවාහ ගිවිසගෙන තියෙනවා කියලත් ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිරෙන්න ගත්තා.

ඇයගේ අතගත්ත වාසනාවන්තයා වුණේ ලංකාවේ තරුණයෙක් කියලයි ඒ විස්තර වල කියැවුණේ.

කොහොම වුනත් මේ ගැන පූජා නම් හෙළිකර‍ලා තිබුණේ නෑ. අපිත් කිහිප වතාවක්ම ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ ගත්තත් පූජා ඒ ගැන කියන්න කැමති වුණේ නෑ. හැබැයි මේ වෙනකොට පූජා ඇයගේ පෙම්වතා ගැන පුවත්පතකට කියලා තියෙනවා.

මේ දෙන්නාගේ ප්‍රේම සම්බන්ධය මේ වෙනකොටත් නතර කරලා තියෙනවා කියලා තමයි පූජා කියන්නේ. තමන් පෙම්වතාට ගොඩාක් ආදරේ කළා වගේම ඔහුට පූජාට ගොඩාක් ආදරේ කළාලු. හැබැයි ටික කාලයක් යනකොට දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා තේරුම් ගිය නිසා සම්බන්ධය නතර කරන්න වුණාලු.

‘‘ඇත්තටම ඔහු හොඳ කෙනෙක්. ඒත් අපි අතර නොගැළපීම් තිබුණා කියලා ආශ්‍රය කරද්දි අවබෝධ වුණා. ඉතිං අපි කතා කරලා වෙන්වෙන්න තීරණය කළා.‘‘ පූජා කියලා තියෙන්නේ එහෙමයි.

කොහොම වුනත් ආදරේ කරපු කෙනා එක්ක තියෙන සම්බන්ධය නැතිවුණා කියලා පූජාට නම් දුකක් නෑලු. හැබැයි අනිවාර්යෙන් විවාහ වෙනවා කියලා තමයි ඇය වැඩිදුරටත් කියලා තියෙන්නේ. ඒ වගේම පූජා හොයන්නේ ලස්සන රූපෙට වඩා ලස්සන හදවතක් තියෙන කෙනෙක් කියලත් මේ එක්කම කියලා තියෙනවා.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng