එහිදී ශ්‍රී ලංකාවේ අයෝජන සහ වෙළඳ කටයුතුවලට, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම ජාතික සංහිඳියාව වෙනුවෙන් සහය දැක්වීමට ජපාන රජය එකගත්වය පළ කළා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ දෙපාර්ශවයම සාකච්ඡාවලින් ගත් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවයි.
රටවල් දෙක අතර පවතින වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පුළුල් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කර ඇති අතර, ලබන වසරේදී ශ්‍රී ලංකා - ජපාන ඉහළ පෙළේ ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමටද මෙහිදී යෝජනා වුණා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපාන රැකියා අවස්ථා වැඩි කිරීම සඳහාද සාකච්ඡාවේදී ජපාන අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ ජපාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හමුවේ විශේෂ අනුස්මරණ දේශනයක්ද පවත්වනු ලැබුවා.
මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන අදියරයේ සංවර්ධන කටයුතු සඳහා ජපන් යෙන් බිලියන 45 ක ආධාර මුදලක් ලබාදීමට දෙරටේ තානාපතිවරුන් ගිවිසුම් අත්සන් කිරීමද ඊයේ සිදුවුණා.
(Hiru News)

EmoticonEmoticon