දුනේෂ්ගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

7:32 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට පහර දුන් බව පවසමින් දුනේෂ් ප‍්‍රියශාන්ත අද (26) පොලිස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. ඒ ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන්.

කරුණු 04 ක් යටතේ මෙම පැමිණිල්ල ගොනු කළ බවයි දුනේෂ් ප‍්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උදුල පේ‍්‍රමරත්න කියා සිටියේ.
ඒ අනුව පළමුවැන්න දුනේෂ් ප‍්‍රියශාන්ත අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට බරපතල ලෙස පහරදීම සම්බන්දයෙන්. දෙවැන්න සේයා දැරියගේ ඝාතනයට ව්‍යාජ කට උත්තරයක් ලබාගැනීම. තුන්වැන්න පොලීසිය ඔහු පිළිබඳව වැරදි මතයක් සමාජ ගත කිරීම සහ හතරවැන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගේ ක්‍රියා කලාපය එම කරුණු 4 වන බවයි නීතීඥ උදුල පේ‍්‍රමරත්න වැඩිදුරටත් කියා සිටියේ.

Share this

Related Posts

Previous
Next Post »