සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහිව මැතිවරණ පෙත්සමක්

9:26 PM
ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට අද (10) මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් වුණා. එය ඉදිරිපත් කරනු ලැබුවේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි විසින්. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර සිටි ඔහු එමගින් ඉල්ලා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ 12 දෙනාගේ පත්වීම් වහාම අවලංගු කරන ලෙසයි. මෙම පෙත්සම මගින් මැතිවරණ කොමසාරිස්වරයා, සන්ධාන හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ සන්ධාන ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරුන් 12 දෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
 
(hiru News)

Share this

Related Posts

Previous
Next Post »