සක්විතිට අධිචෝදනා

8:05 PM
දැනට රිමාන්ඩ් භාරයේ සිටින සක්විති රණසිංහ ඇතුලූ විත්තිකරුවන් 11 දෙනාට අධි චෝදනා භාරදීම අද සිදු කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හමුවේ අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි. 

2006 වසරේ නොවැම්බර් පළමු වනදා සිට 2008 වසරේ සැප්තැම්බර් මස 31 වනදා දක්වා කාලය තුළ තැන්පත්කරුවන්්ගේ රුපියල් කෝටි 162 ක මුදලක් වංචා කිරීම සහ ඊට අනුබල දීම ඇතුලූ චෝදනා 10 ක් යටතේ සක්විති රණසිංහ ඇතුලූ විත්තිකරුවන් 11 දෙනාට චෝදනා එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව  නොවැම්බර් මස 5 වනදා යළිත් කල් දැමුවා. 

(hiru news)

Share this

Related Posts

Previous
Next Post »