යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන වාර්තාව මේ වන විට සකස් කර අවසන් වී තිබෙනවා. ඉදිරි දිනකදී එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට නියමිත බවයි එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.උතුරු නැගෙනහිර පැවති යුද්ධය අවසන් කාලයේ ජාත්‍යන්තර නීති කඩවීම් සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පරීක්ෂණවල වාර්තාව මෙලෙස සකස් කර ඇත.අදාළ වාර්තාව සකස් කිරීමේ දී අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ උපදේශක තනතුරු සඳහා පත් කළ විදේශ විශේෂඥයින්ගේ සහය ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාවට සමගාමීව අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතුරු වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.
අදාළ වාර්තාව ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඉතා කඩිනමින් එය ජනාධිපතිවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බවයි අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර මේ වසරේ මෙම කොමිෂන් සභාවේ කාලය අවසන් වීමට නියමිතව තිබුණ ද සිදුකරන විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින් මෙම කොමිෂන් සභාවේ කාලය ලබන වසරේ පෙබරවාරි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.
(ada Derana)
EmoticonEmoticon